ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් දෙදෙනෙකු අතර ඊයේ (05) පාර්ලිමේන්තුවේදී මතගැටුමක් ඇති වී තිබෙනවා. පසුව එය බහින්බස්වීමක් දක්වා දුරදිග ගොස් තිබුණා.
ඒ, නියෝජ්‍ය කතානායකවරයා තෝරා පත්කර ගැනීම සඳහා ඡන්ද විමසීම පැවැත්වෙන අතරතුරයි.
ඉන්දික අනුරුද්ධ සහ සනත් නිශාන්ත යන මන්ත්‍රිවරුන් අතර මෙම මත ගැටුම ඇති වුණා.
එහිදී ඉන්දික අනුරුද්ධ මන්තී‍්‍රවරයා, පාර්ලිමේන්තු මන්තී‍්‍ර සුදර්ශණි ප‍්‍රනාන්දුපුල්ලේට සහාය දක්වන්නේ දැයි සනත් නිශාන්ත මන්තී‍්‍රවරයාගෙන් විමසා තිබෙනවා. එහිදී සනත් නිශාන්ත මන්තී‍්‍රවරයා ප‍්‍රකාශ කර ඇත්තේ හිටපු අමාත්‍ය ජෙයරාජ් ප‍්‍රනාන්දුපුල්ලේ කළ සේවයද සලකා තමන් පාර්ලිමේන්තු මන්තී‍්‍ර සුදර්ශණී ප‍්‍රනාන්දුපුල්ලේට ඡන්දය ලබාදෙන බවයි.
කෙසේවෙතත් ඉන්දික අනුරුද්ධ මන්තී‍්‍රවරයා එම අවස්ථාවේ ප‍්‍රකාශ කර ඇත්තේ ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂ දහසයේ කණ්ඩායම තවමත් ඒකාබද්ධ විපක්‍ෂය සමග එක්ව කටයුතු නොකරන බැවින් සුදර්ශණි ප‍්‍රනාන්දුපුල්ලේට ඡන්දය ලබා නොදිය යුතු බවයි.
මේ අතර ගම්පහ දිස්ති‍්‍රක්කය නියෝජනය කරන ඒකාබද්ධ විපක්‍ෂයේ තවත් මන්තී‍්‍රවරුන් කිහිප දෙනෙකුද පාර්ලිමේන්තු මන්තී‍්‍ර සුදර්ශණී ප‍්‍රනාන්දුපුල්ලේට මෙහිදී සහාය දක්වා නැහැ. පාර්ලිමේන්තුවේ රැඳී සිටි තවත් ඒකාබද්ධ විපක්‍ෂයේ මන්තී‍්‍රවරුන් කිහිප දෙනෙකුද අදාළ අවස්ථාවේ ඡන්දය ප‍්‍රකාශ නොකළ බවයි වැඩිදුරටත් වාර්තා වුණේ.