හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්රධානත්වයෙන් ඊයේ (06) පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබූ ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක රැස්වීමට එය නියෝජනය කරන කිහිප දෙනෙකු සහභාගි වී නැහැ.
ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් නායක දිනේෂ් ගුණවර්ධන, වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල එම රැස්වීමට සහභාගි වී නොමැති බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ.