Friday, May 3, 2024

General line - 0115112241

පාකිස්ථානය හමුවේ ශී‍්‍ර ලංකා කී‍්‍රඩිකාවෝ පසුබසිති

කසුන් කැලුම්




මැලේසියාවේ පැවැත්වෙන ආසියානු කුසලාන කාන්තා පන්දුවාර විස්ස කි‍්‍රකට් තරගාවලියේ අද (06) පැවැති තරගයේදී ශී‍්‍ර ලංකා කණ්ඩායම පාකිස්ථානය හමුවේ පරාජයට පත් වුණා.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්ථානු කී‍්‍රඩිකාවන් නියමිත පන්දුවාර විස්සේදී කඩුලු 4ක් දැවී ලකුණු 136ක් රැස් කළා. එම ඉලක්කය හඹාගිය ශී‍්‍ර ලංකා කී‍්‍රඩිකාවන්ට නියමිත පන්දුවාර විස්සේදී කඩුලු 9ක් දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 113ක් පමණයි.

යශෝධා මෙන්ඩිස් සහ නිපුණි හංසිකා පළමු කඩුල්ලට ලකුණු 48ක සබදතාවක් ගොඩනැගුවද අනෙක් කිසිදු කී‍්‍රඩිකාවක් ශී‍්‍ර ලංකාව ජයග‍්‍රහණය කරා රැගෙන යාමට සමත්කම් දැක්වූයේ නැහැ. අවසන් මහා තරගය පිළිබඳ බලාපොරොත්තු රදවා ගැනීමට නම් ඉන්දියාව සහ තායිලාන්තය සමග පැවැත්වෙන තරගවල ජය ශී‍්‍ර ලංකා කාන්තා කණ්ඩායමට තීරණාත්මක වී තිබෙනවා