Saturday, May 4, 2024

General line - 0115112241

ලෙයින් නැහැවුණු දුපතක පවත්වන අමෙරිකානු - උතුරු කොරියා නායක හමුව (PHOTOS)

දිනුක් හේවාවිතාරණ - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොන් උන් අතර ජුනි මස 12 වනදා පැවැත්වීමට නියමිත සිංගප්පුරු සමුළුව පවත්වනු ලබන ස්ථානය පිලිබඳ ධවල මන්දීරය අද (06) නිවේදනය කළා. 

ධවල මන්දිර ප්‍රකාශිකාව වන සාරා සෙන්ඩර්ස් සදහන් කර සිටියේ ජුනි 12 පැවැත්වීමට නියමිත හමුව සිංගප්පුරුවේ සංචාරක නිවාඩු නිකේතන පිහිටි " Santos" දුපතේ සිදුකිරීමට නියමිත බවයි.

" Sentosa දුපතේ" පිහිටි  Capella හෝටලය මෙම එතිහාසික හමුව පැවැත්වීමට සියල්ල සුදානම් කර තිබෙනවා යැයි ධවල මන්දිර ප්‍රකාශිකාව කියා සිටියා. Capella හෝටලය අධි සුඛෝපභෝගී රේසොර්ට් වර්ගයේ හෝටලයක් වන අතර එහි ගොල්ෆ් ක්‍රීඩා පිටි දෙකක් ද පිහිටා තිබෙනවා. 

සිංගප්පුරුව නිර්මාණය වී තිබෙන්නේ දුපත් 63 ක එකමුතුවකින් අතර Santos දුපත් ඉන් එකක් වනවා. කෙසේ වුවත් මෙම දුපත සිංගප්පුරුවේ ප්‍රධාන ගොඩබිමට ආසන්නයේ පිහිටා තිබෙනවා.

කෙසේ වුවත් මෙම රාජ්‍ය නායකයින් දෙදෙනා හමුවීම සදහා යොදා ගෙන තිබෙන Santos දුපතේ ඉතිහාසය නම් එතරම් හොද නැති බවයි එහි ඉතිහාසය දෙස බලද්දී තේරුම් යන්නේ. 

ඒ 19 වන ශතවර්ෂයේ බ්‍රිතාන්‍ය යටත් විජිතයක් බවට පත්ව තිබු සිංගප්පුරුව බ්‍රිතාන්‍ය විසින් ආර්ථික මර්මස්ථානයක් ලෙසට යොදා ගත් අතර ඊට පෙර සිට මෙම දුපතේ මංකොල්ලකරුවන් හා නිත්‍යානුකුල නොවන වෙළදුන් ගේ තෝතැන්නක් වී තිබුණු බවයි වාර්තා වන්නේ.

ඊට අමතරව දෙවන ලෝක යුධ සමයේදී ජපානය විසින් සිංගප්පුරුව ආක්‍රමණය කිරීමෙන් පසුව Santos දුපතේ මහා මිනිස් සංහාරයක් සිදුවූ බව සාක්ෂි තිබෙනවා.