Friday, May 3, 2024

General line - 0115112241

පළමු දිනයේ කොදෙව්වන් අසරණ වෙයි (UPDATE)




කොදෙව් කණ්ඩායම සමග පැවැත්වෙන පළමු ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ පළමු දිනයේ වැඩි ගෞරව දිනා ගැනීමට ශ‍්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුණා.

ඒ, කොදෙව් ඉණිමේ කඩුලූ 06ක් ලකුණු 246කට බිඳ හෙළීමත් සමගයි.

කොදෙව් කණ්ඩායම වෙනුවෙන් ශායි හෝප් ලකුණු 40ක් රැස් කළා. නායක ජේසන් හෝල්ඩර් ලකුණු 40කට දැවී ගිය අතර ෂේන් ඩාරික් නොදැවී ලකුණු 46ක් රැස්කර ගෙන සිටිනවා.

ඔවුන් දෙදෙනා අතර 06 වන කඩුල්ල වෙනුවෙන් ලකුණු 90ක සබඳතාවක් ගොඩනැගුනේ කොදෙව් ඉණිමේ කඩුලූ 05ක් ලකුණු 147කට බිඳවැටී තිබියදීයි.

පන්දු යැවීමේදී දක්ෂතා දැක්වූ ලහිරු කුමාර ලකුණු 57කට කඩුලූ 03ක් බිඳ හෙලූවා. සුරංග ලක්මාල් සහ රංගන හේරත් හමුවේ එක් කඩුල්ල බැගින් බෙදී ගියා. ශ‍්‍රී ලංකා - කොදෙව් පළමු ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ දෙවන දිනය අදයි. 

 

----------------------------

පළමු කඩුල්ල සුරංග ලක්මාල්ගෙන් (UPDATE)

(06-06-2018 20:09)

 

සංචාරක ශ‍්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පළමු ටෙස්ට් තරගය දැන් පැවැත්වෙනවා. තරගයේ කාසියේ වාසිය දිනූ කොදෙව් නායක ජේසන් හෝලඩර් තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමටයි. පළමු කඩුල්ල ලෙස කේ‍්‍රග් බ්‍රේත්වේට් දවා ගැනීමට සුරංග ලක්මාල් සමත් වුණා. 

-----------------------------------

කාසියේ වාසිය කොදෙව්වන්ට

06-06-2018 19:26

සංචාරක ශ‍්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පළමු ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනූ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කරයි.

ආබාධයකට ලක්ව සිටි ඇන්ජලෝ මැතිව්ස් සහ සුරංග ලක්මාල් අද තරගයේදී ශ‍්‍රී ලංකා පිලට එක්වනු ඇති. එහෙත් ධනංජය ද සිල්වා අද (06) තරගයට ක‍්‍රීඩා නොකරනු ඇති බවටයි වාර්තා වන්නේ.