Wednesday, November 13, 2024

General line - 0115112241

පාලිත රංගේ බණ්ඩාරගේ පුතා ඉන්න තැන හෙළිවේ (UPDATE)

තරංග රුක්ෂාන් ජයසේකර/දිල්ශාන් තුෂාර




බීමත්ව රිය පදවා අනතුරක් සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාරගේ පුත‍්‍රයා මේ වනවිට ශ‍්‍රී ජයවර්ධනපුර රෝහලේ ප‍්‍රතිකාර ලබන බව වාර්තා වනවා. ඒ, නෙත් නිවුස් කළ සොයා බැලීමකදීයි.

ඔහු මේ වනවිට රෝහලේ 18 වන වාට්ටුවේ ප‍්‍රතිකාර ලබනවා.

රිය අනතුරින් තුවාල ලැබූ රාජ්‍ය අමාත්‍යවරයාගේ පුත‍්‍රයා හලාවත රෝහලට ඊයේ (06) ඇතුළත් කෙරුණා. පසුව ඔහු මාරුකර යැවුණේ කොළඹ ජාතික රෝහල වෙතටයි. එහිදී ඊයේ පස්වරුවේ සිය කැමැත්තෙන් රාජ්‍ය අමාත්‍යවරයාගේ පුත‍්‍රයා නික්ම ගොස් තිබුණා.

අද (07) පෙරවරුව වනතෙක් ඔහු සිටින ස්ථානයක් අනාවරණ වුණේ නැහැ. නෙත් නිවුස් කළ විමසීමකදී ආරච්චිකට්ටුව පොලිසියේ ස්ථානාධිපතිවරයා තහවුරු කළේ රාජ්‍ය අමාත්‍යවරයාගේ පුත‍්‍රයා ශ‍්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් වී ඇති බවයි. 

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් හලාවත අධිකරණයට අද දිනයේ කරුණු වාර්තා කරන බව ආරච්චිකට්ටුව පොලිසිය පැවසුවා. රිය අනතුර හේතුවෙන් අගතියට පත් පාර්ශ්වයෙන් ද ලද පැමිණිල්ල මත පරීක්ෂණ ක‍්‍රියාත්මක බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.

හලාවත - පුත්තලම ප‍්‍රධාන මාර්ගයේ බංගදෙණිය ප‍්‍රදේශයේදී ඔහු පැදවූ අමාත්‍යංශයකට අයත් කැබ් රථයක් ඊයේ අලූයම අනතුරකට ලක් වුණා. ඒ,  වේගය පාලනය කරගත නොහැකි වීමෙන් කැබ් රථය මාර්ගයෙන් ඉවතට ධාවනය වීමෙන්. පසුව කැබ් රථය අසල පිහිටි නිවසක් තුළට කඩා වැදුණා.  
 

----------------------------------

පාලිත රංගේ බණ්ඩාරගේ පුතා අාගියඅතක් නෑ 

(07-06-2018 08:07)

 

බීමත්ව රිය පදවා අනතුරක් සිදු කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාරගේ පුත‍්‍රයා මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති බව පොලිසිය පවසනවා.

අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ සිදු කරන්නේ ආරච්චිකට්ටුව පොලිසිය බවයි පොලිස් මූලස්ථානය පැවසුවේ. ඒ අනුව නෙත් නිවුස් අද (07) අලූයම ආරච්චිකට්ටුව පොලිසිය ඇමතුවා. එහි ප‍්‍රකාශකයෙකු පැවසුවේ රාජ්‍ය අමාත්‍යවරයාගේ පුත‍්‍රයා ප‍්‍රතිකාර ලබා රෝහලෙන් පිටව ගොස් ඇති බවයි. 

රිය අනතුරෙන් තුවාල ලැබූ ඔහුද හලාවත රෝහලට ඇතුළත් කෙරුණු අතර පසුව කොළඹ ජාතික රෝහලට මාරු කෙරුණා. ඔහු සිය කැමැත්තෙන් රෝහලෙන් පිටව ගොස් ඇති බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ.

ඒ අනුව නෙත් නිවුස් රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාරගේ දුරකතනයට අද අලූයමද ඇමතුමක් ලබාගත්තා. ඊට ප‍්‍රතිචාර දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයාගේ ආරක්ෂක නිලධාරියෙකු පැවසුවේ පුත‍්‍රයා මේ දක්වා නිවසට පැමිණ නොමැති බවයි. 

රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාරගේ පුත‍්‍රයා පැදවූ අමාත්‍යංශයකට අයත් කැබ් රථයක් ඊයේ (06) අලූයම අනතුරකට ලක් වුණා. ඒ, හලාවත - පුත්තලම ප‍්‍රධාන මාර්ගයේ බංගදෙණිය ප‍්‍රදේශයේදීයි. වේගය පාලනය කරගත නොහැකි වීමෙන් කැබ් රථය මාර්ගයෙන් ඉවතට ධාවනය වී අසල පිහිටි නිවසකට කඩාවැදී තිබුණා. 

අනතුරෙන් රාජ්‍ය අමාත්‍යවරයාගේ පුත‍්‍රයා මෙන්ම පුත්තලම ප‍්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ද තුවාල ලැබූවා. කෙසේ වෙතත් නිවසේ කිසිවෙකුටත් අනතුරෙන් තුවාල සිදුව නැහැ. රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාරගේ පුත‍්‍රයා රිය අනතුර සිදුවන අවස්ථාවේ බීමතින් සිට ඇති බව වෛද්‍ය පරීක්ෂණවලින්ද තහවුරු වී ඇතැයි සඳහන්. ඔහු පැදවූ කැබ් රථය පාලිත රංගේ බණ්ඩාර රාජ්‍ය අමාත්‍යවරයා මීට පෙර කටයුතු කළ නිපුණතා සංවර්ධන සහ වෘත්තීය පුහුණු අමාත්‍යංශයට අයත් එකක් බවටයි පැවසෙන්නේ. 

මීට පෙර  ආණමඩුව ඉගිනිමිටිය ප‍්‍රදේශයේ දී ද රාජ්‍ය අමාත්‍යවරයාගේ පුත‍්‍රයා ගමන්ගත් මෝටර් රථයක් අනතුරකට ලක්වී එකම පවුලේ මව, පියා සහ දරුවන් දෙදෙනෙකු තුවාල ලැබුවා. 
 

(මේ පිළිබඳ මීට කලින් පළ වූ පුවත් මෙතැනින්)