Sunday, April 28, 2024

General line - 0115112241

රාජ්‍ය ඇමතිගේ පුතා ගමන් ගත් රථය නිවසකට කඩා වැදුණු හැටි (PHOTOS)

ජූඩ් සමන්ත - පුත්තලම




රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාරගේ පුත් යශෝධ රංගේ බණ්ඩාර පැදවූ කැබ් රථයක් වේගය පාලනය කර ගැනීමට නොහැකිව අද (06) අලුයම නිවසකට කඩා වැදී තිබුණා.

එහි ඡායාරූප පහතින් දැක්වෙයි.

 

------------------------------

රාජ්‍ය අමාත්‍යවරයාගේ පුතා රිය අනතුරකට - රජයේ කැබ් රථය නිවසකට කඩාවදී

(06-06-2018 05:58)

 

හලාවත - පුත්තලම මාර්ගයේ බංගදෙණිය - කෝට්ටපිටිය මංසන්ධියේදී එක්සත් ජාතික පක්ෂ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාරගේ පුතා අනතුරකට ලක්ව තිබෙනවා.

සිදුවී ඇති අනතුරින් තුවාල ලැබු රාජ්‍ය අමාත්‍යවරයාගේ පුත්‍රයා ප්‍රතිකාර සඳහා හලාවත මහා රෝහලට ඇතුළත් කෙරුණා.

අද (06) අළුයම මෙම අනතුර සිදුවී තිබෙනවා.

අනතුරින් තුවාල ලබා ඇත්තේ යශෝධ රංගේ බණ්ඩාර නැමැති වයස අවුරුදු 25 ක් වූ පුත්‍රයායි.

අනතුරට පත්ව ඇත්තේ වාරි මාර්ග අමාත්‍යාංශයට අයත් කැබ් රථයක් බව පොලීසිය පැවසුවා.

අතුරු මාර්ගයක සිට පැමිණ ඇති කැබ් රථය පාලනය කර ගැනීමට නොහැකිව කොට්ටපිටිය මංසන්ධියේ ඇති නිවසක් තුළට කඩා වැදීම හේතුවෙන් අනතුර සිදුවී තිබෙනවා. අනතුරින් කැබ් රථයට සහ නිවසටද හානි සිදුවී ඇති බවයි පොලිසිය වැඩි දුරටත් සඳහන් කළේ.

ආරච්චිකට්ටුව පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනවා.