Thursday, May 2, 2024

General line - 0115112241

ICCය ඉදිරියට ගිය ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන්ට ලැබුණු උත්තර

කසුන් කැළුම්




ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය සඳහා අතුරු කමිටුවක් පත් නොකරන ලෙස ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලය මෙරට කී‍්‍රඩා බලධාරීන්ට දැනුම් දී තිබෙනවා.

ඩුබායි නුවර පිහිටි එම කවුන්සිල මූලස්ථානයේ ඊයේ (06) පැවති සාකච්ඡාවකදී මේ පිළිබඳව දැනුම් දී ඇති බවයි නෙත් ස්පෝර්ට්ස්මන් වෙත ක්‍රිකට් ආයතනයේ නිලධාරියෙකු සඳහන් කළේ.

මෙම සාකච්ඡාව සඳහා ශී‍්‍ර ලංකාව නියෝජනය කරමින් කී‍්‍රඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා,  කී‍්‍රඩා අමාත්‍යංශයේ ලේකම් කමල් පද්මසිරි සහ ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ ප‍්‍රධාන විධායක නිලධාරී ඇෂ්ලි ද සිල්වාද එක්ව සිටියා. ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලයේ සභාපති ශසන්ක් මනෝහාර් ප‍්‍රමුඛ නිලධාරීන් සමග පැවැති මෙම සාකච්ඡාවේදී කි‍්‍රකට් නිලවරණය පිළිබඳවද සාකච්ඡා වී තිබෙනවා.

එහිදී ඔවුන් ශී‍්‍ර ලංකා නියෝජිතයින්ට දැනුම් දී ඇත්තේ කඩිනමින් නිලවරණය පවත්වා ව්‍යවස්ථානුකූලව කි‍්‍රකට් ආයතනය සඳහා නිලධාරී මණ්ඩලයක් පත්කර ගන්නා ලෙසයි. ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ නිලවරණය ලබන 14 වැනිදා තෙක් බලපැවැත්වෙන පරිදි අත්හිටුවමින් අභියාචනාධිකරණය ඉකුත්දා තහනම් නියා්ගයක් නිකුත් කළා.

එ් අනුව ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ කටයුතු කී‍්‍රඩා අමාත්‍යංශයේ ලේකම් කමල් පද්මසිරි යටතට පැවරීමටයි කී‍්‍රඩා අමාත්‍යවරයා පියවර ගත්තේ. එ් නීතිපතිවරයාගේද උපදෙස් අනුවයි.  ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලයෙන් ඉදිරි මාස හයක කාලය සඳහා ශී‍්‍ර ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 4.7ක මුදලක් හිමිවීමට නියමිතව තිබෙනවා. එම මුදල් කි‍්‍රකට් ආයතනයට ලබා ගැනීම සඳහා ඊයේ (06) පැවති මෙම හමුවේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී තිබෙනවා.

කී‍්‍රඩා අමාත්‍යංශයේ ලේකම් කමල් පදිමසිරි මෙහිදී කි‍්‍රකට් ආයතනයේ විගණන වාර්තාද ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වන්නේ. කි‍්‍රකට් ආයතනය සදහා අතුරු කමිටුවක් පත් කළ හොත් ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලයෙන් හිමිවන මුදල් අහිමි වන බවට ද මීට පෙර වාර්තා පළ වුණා.