Friday, May 3, 2024

General line - 0115112241

විරාත් කෝලිගේ ආදායම මෙන්න - ධනවත්ම ක්‍රීඩක ලයිස්තුවේ නමත් සටහන් වෙයි

තරංග රුක්ෂාන් ජයසේකර - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




ලොව ධනවත්ම ක‍්‍රීඩකයින් සිය දෙනා අතරට ඉන්දීය ක‍්‍රිකට් කණ්ඩායමේ නායක විරාත් කෝලිද එක්ව තිබෙනවා.

2017 - 2018 කාලයේදී ඔහුගේ ශුද්ධ ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 24ක්.

වෙළඳ සමාගම්වල සන්නාම තානාපතිවරයෙකු ලෙස කටයුතු කර ඉන් ඩොලර් මිලියන 20ක් උපයාගෙන තිබෙනවා.

මෙම කරුණු අනාවරණ කෙරුණේ ෆෝබ්ස් සඟරාවේ වාර්ෂික වාර්තාවට අනුවයි. ඊට අනුව ලොව ධනවත්ම ක‍්‍රීඩකයා වන්නේ බොක්සිං ක‍්‍රීඩක ෆ්ලොයිඞ් මේවෙදර්. ඔහුගේ වාර්ෂික ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 285ක්. පාපන්දු ක‍්‍රීඩකයින් වන ලයනල් මෙසී, ක‍්‍රිස්ටියානෝ රොනාල්ඩෝ දෙවන සහ තුන්වන ස්ථානවල පසුවනවා.