Friday, May 3, 2024

General line - 0115112241

ද්වේශසහගත කතා පැතිරු බෞද්ධ හිමිවරුන්ගේ ෆේස්බුක් ගිණුම් තහනම් කෙරේ

දිනුක් හේවාවිතාරණ




රෝහිංගයා මුස්ලිම්වරුන්ට එරෙහිව වෛරී ප්‍රකාශන සිදුකල බෞද්ධ භික්ෂූන්වහන්සේලා ගේ ගිණුම් සහ එවැනි ක්‍රියාවන්ට සම්බන්ධ ෆේස්බුක් පිටු  අසාදුගත කිරීමට එම සමාගම පියවර ගෙන තිබෙනවා.

එක්සත් ජාතීන්ගේ විමර්ෂකයින් පවා සදහන් කර සිටින්නේ මියන්මාරය තුල උද්ගතවී තිබෙන රෝහිංගයා මුස්ලිම්වරුන්ට එරෙහි ප්‍රචන්ඩත්වයට ප්‍රධාන සාධකයක් වී ඇත්තේ ෆේස්බුක් හරහා පැතිරී යන ද්වේශසහගත ප්‍රකාශනයන් සහ උසිගැන්වීම් බවයි.

පසුගිය සමයේ හට ගත් මෙම ප්‍රචන්ඩ ක්‍රියාවන් හේතුවෙන් මියන්මාරයේ සුළු ජන කොටසක් වන රෝහිංගයා මුස්ලිම්වරුන් 700,000 ක් පමණ පිරිසක් බංග්ලාදේශයට පළා ගියා.

ඇතිව තිබෙන මෙම තත්ත්වය සමග ෆේස්බුක් සමාගමේ ඉහළ නිලධාරින් පිරිසක් මියන්මාරයේ සංචාරයක යෙදුනු අතර එහිදී මේ පිලිබදව කරුණු සොයා බලා තිබෙනවා.

ඒ අනුව සිදුකල විමර්ෂණයන් වලට අනුව රෝහිංගයා ජන කොට්ටාසයට එරෙහිව වෛරී ප්‍රකාශයන් සිදුකරනු ලබන බවට චෝදනා එල්ල වී තිබෙන "Ma Ba Tha" යනුවෙන් හදුන්වනු ලබන මියන්මාර බෞද්ධ ජාතික ව්‍යාපාරයේ ෆේස්බුක් පිටුවද,  Parmaukkha සහ Thuseitta යන භික්ෂුන් දෙනමගේ ෆේස්බුක් ගිණුම් මෙලස තහනම් කිරීමට ෆේස්බුක් සමාගම තීරණය කර තිබෙනවා.

මෙලෙස වෛරී ප්‍රකාශයන් පැතිර වීමට එරෙහිව මියන්මාරයේ ප්‍රසිද්ධ "විරාතු" නම් භික්ෂුන් වහන්සේගේ ෆේස්බුක් ගිණුම තහනම් කිරීමට එම සමාගම කටයුතු කළා.

ෆේස්බුක් සමාගමේ ප්‍රතිපත්ති කළමනාකරු ඩේවිඩ් කාර්ග්ලිනෝ කියා සිටියේ මෙලෙස තහනම් කරනු ලැබූ පිරිසට යලි ෆේස්බුක් වෙත පිවිසීමට කිසිදු ඉඩක් නොතබන බවත් ඔවුන්ට සහය පලකරන අයවලුන්ගේ ගිණුම් පවා තහනම් කිරීමට කටයුතු කරන බවයි.

කෙස් වෙතත් ෆේස්බුක් සමාගම මියන්මාරයේ පැතිරී යන සමාජ විරෝධතා සහ ද්වේශසහගත ප්‍රකාශයන් ඉවත් කරලීමේදී මන්දගාමී ස්වරුපයක් උසුලන බව සමාජ ක්‍රියාකාරීන් චෝදනා එල්ල කරනවා.