Friday, May 3, 2024

General line - 0115112241

පළමු දිනයේම ශ්‍රී ලංකා පොඩ්ඩන් ජපානයේදී වැඩ පෙන්වයි (PHOTO)

කසුන් කැලුම්




ජපානයේ පැවැත්වෙන ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේදී අද (07) පැවති තරග ඉසව්වලට සහභාගි වූ ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන්  සිවුදෙනා අවසන් තරගවලට සුදුසුකම් ලබා ගැනීමට සමත් වුණා. 

මීටර් 400 බාලිකා ධාවන ඉසව්වේ මූලික තරගයකට එක් වූ වලල ඒ රත්නායක විද්‍යාලයේ දිල්ෂි කුමාරසිංහ එම ඉසව්වේ ප්‍රථම ස්ථානය හිමිකර ගනිමින් අවසන් තරගයට සුදුසුකම් ලබා ගත්තේ තත්පර 54.82 ක දක්ෂතාවක් වාර්තා කරමින්.

අද පැවති මීටර් සියය බාලිකා මීටර් 100 ධාවන ඉසව්වට එක් වූ මහනුවර ස්වර්ණමාලි බාලිකා විද්යාහලයේ අමාෂා ද සිල්වා එම ඉසව්වේ ප්‍රථම ස්ථානය දිනා ගනිමින් අවසන් තරගයට සුදුසුකම් ලැබුවා. ඇගේ තරග නිමි කාලය තත්පර 11.80ක්.

මේ අතර බාලක මීටර් 400 ධාවන ඉසව්වේ මූලික තරගවලදී ප්‍රථම ස්ථාන දිනා ගත් කුරුණෑගල මලියදේව විද්යාාලයේ පසිදු කොඩිකාර සහ අකුරම්බඩ වීරකැප්පෙටිපොළ ජාතික පාසලේ අරුණ දර්ශන ද එම ඉසව්වේ අවසන් තරගයට සුදුසුකම් ලබා ගත්තා.

පසිදු කොඩිකාරගේ තරග නිමි කාලය තත්පර 47.94ක් වූ අතර අරුණ දර්ශන සිය ඉසව්ව සදහා තත්පර 46.86ක දක්ෂතාවක් වාර්තා කළා.