Friday, May 3, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාවට එරෙහිව පිටියට බසින තෙන්ඩුල්කාර්

දිනුක් හේවාවිතාරණ




එළඹෙන ඉන්දීය අවුරුදු 19 න් පහළ ශ්‍රී ලංකා සංචාරය සදහා සුපිරි පිතිකරු සචින් තෙන්ඩුල්කාර්ගේ පුත් අර්ජුන් තෙන්ඩුල්කාර් ද ඇතුලත් වන බව එරට ක්‍රිකට් පාළක මණ්ඩලය ඊයේ (07) නිවේදනය කරන ලදියි.

සිවුදින තරග සහ එක්දින තරග කිහිපයක් ක්‍රීඩා කිරීම සදහා ඉන්දීය අවුරුදු 19න් පහළ කණ්ඩායම ලබන ජුලි මස ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබෙනවා. ඉන් අර්ජුන් තෙන්ඩුල්කාර් ඇතුලත් කර ඇත්තේ සිවුදින තරග වෙනුවෙන් නම් කර ඇති කණ්ඩායමටයි.

තුන් ඉරියවු ක්‍රීඩකයෙක් වශයෙන් නම් දරා සිටින අර්ජුන් තෙන්ඩුල්කාර් පසුගිය ජනවාරි මාසයේදී ඕස්ට්‍රේලියාවේ පැවති ගෝලීය විස්සයි 20 තරගාවලියේදී දැක්වූ දස්කම් හේතුවෙන් ක්‍රීඩා මාධ්‍යන් ඔහු ගැන වැඩි අවධානයක් යොමු කරනු ලැබුවා. එම තරගාවලියේදී සිඩ්නි ක්‍රීඩාංගනයේ පැවති තරගයේදී පන්දු යවමින් කදුළු 04ක් දවා ගත් ඔහු පන්දු 27 ක් තුලදී වේගවත් ලකුණු 48ක් රැස් කරනු ලැබුවා.