Thursday, May 2, 2024

General line - 0115112241

ඇෆ්ගනිස්ථානය පිට පිට තුන්වන වරටත් බංග්ලාදේශය පරදයි




බංග්ලාදේශය සමග පැවති පන්දුවාර විස්ස කි‍්‍රකට් තරගාවලිය 3-0 ක් ලෙස ජය ගැනීමට ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමත් වුණා. ඒ, ඊයේ (07) පැවති 3 වන පන්දුවාර විස්ස තරගයද ලකුණකින් ජය ගනිමින්. 

පළමුවෙන් පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම නියමිත පන්දුවාර විස්සේදී කඩුළු 6 ක් දැවී ලකුණු 145 ක් රැස් කළා. එම ඉලක්කය හඹා ගිය බංග්ලාදේශ කණ්ඩායමට නියමිත පන්දුවාර විස්සේදි ලබාගත හැකි වුයේ කඩුළු 6 ක් දැවී ලකුණු 144 ක් පමණයි. අවසන් පන්දුවාර දෙකේදී ජයග‍්‍රහණය සදහා බංග්ලාදේශයට ලකුණු 30 ක් අවශ්‍යව තිබුණා. 19 වන පන්දුවාරයේ අවසන් පන්දු 5 ට හතරේ පහර 5 ක් එල්ල කරමින් මුස්ෆිකර් රහීම් බංග්ලාදේශයට ජයග‍්‍රාහී බලාපොරොත්තුවක් ඇති කළා. 

අවසන් පන්දුවාරයේදි ජයග‍්‍රහණය සදහා ඔවුන්ට ලකුණු 9 ක් අවශ්‍යව තිබුණා. එම පන්දුවාරයේ කි‍්‍රියාත්මක කළ රෂීඞ් ඛාන් කඩුළු 2 ක් දවාගත් අතර එහිදී ඔහු ලබාදුන්නේ ලකුණු 7 ක් පමණයි. ඇෆ්ගනිස්ථානය බංග්ලාදේශයට එරෙහිව පූර්ණ කි‍්‍රකට් තරගාවලි ජයක් වාර්තා කළ පළමු අවස්ථාව මෙය වනවා. 

තරගයේ වීරයා ලෙස මුස්ෆිකර් රහීම් සම්මාන දිනාගත් අතර තරගාවලියේ වීරයා ලෙස නම් කෙරුණේ ඇෆ්ගනිස්ථාන දග පන්දු යවන කී‍්‍රඩක රෂීඞ් ඛාන්.