Friday, May 3, 2024

General line - 0115112241

ආසියානු කණිෂ්ඨ මලල කී‍්‍රඩා තරග බිමේදි ශී‍්‍ර ලංකාවට රන් පදක්කමක් (VIDEO/PHOTOS)

කසුන් කැලුම්




ජපානයේ පැවැත්වෙන ආසියානු කණිෂ්ඨ මලල කී‍්‍රඩා තරගාවලියේ අද (08) පැවැත්වෙන තරග ඉසව්වලදී රන් පදක්කමක් සහ රිදි පදක්කම් දෙකක් දිනා ගැනීමට ශී‍්‍ර ලංකාව සමත් වුණා. 

මීටර් 400 බාලක ධාවන ඉසව්වට එක් වූ අකුරම්බන වීරකැප්පෙටිපොල ජාතික පාසලේ අරුණ දර්ශන නව තරගාවලි වාර්තාවක් සමගින් මෙම ඉසව්වේ රන් පදක්කම දිනාගත්තා. තරග නිමි කාලය තත්පර 45.79 ක්. 

එම ඉසව්වේ රිදී පදක්කමද හිමි වුයේ ශී‍්‍ර ලංකාවටයි. තත්ත්පර 46.96 ක දක්‍ෂතාවක් වාර්තා කරමින් කුරුණෑගල මලියදේව විද්‍යාලයේ පසිදු කොඩිකාර එම ඉසව්වේ රිදී පදක්කම දිනාගත්තා. 

මීටර් 400 බාලිකා ධාවන ඉසව්වට එක්වූ වලල ඒ රත්නායක විද්‍යාලයේ ඩිල්ෂි කුමාරසිංහ එහි රිදී පදක්කම දිනා ගත්තේ තත්ත්පර 54.03 ක දක්‍ෂතාවක් වාර්තා කරමින්.