Friday, May 10, 2024

General line - 0115112241

ලෝක නායකයින් රුසියාවට එරෙහි වෙයි (UPDATE)




කැනඩාවේ කියුබෙක් නුවර පැවැත්වෙන ජී 7 සමුුළුවේදී රුසියාවටට වැඩි අවදානයක් හිමිව තිබෙනවා. විදෙස් වාර්තා පැවසුවේ අමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් ප‍්‍රධාන ජර්මානු, බි‍්‍රතාන්‍ය, ප‍්‍රංශ, ජපාන, කැනේඩියානු සහ ඉතාලි නායකයින් රුසියාව පිළිබඳවද ජී 7 සමුළුවේදී සාකච්ඡා සිදු කර ඇති බවයි.

ඒ අනුව රුසියාව සිදු කරන සතුරු කි‍්‍රයාවන්ට එරහෙිව කඩිනමින් සහ එක්සත්ව කටයුතු කළ යුතු බවයි ජී7 නායකයින්ගේ එකඟතාව වී ඇත්තේ. රුසියානු හිටපු රහස් ඔත්තුකරුවෙකුට සහ ඔහුගේ දියණියට බි‍්‍රතාන්‍යයේදී එල්ල වූ මාරාන්තික රසායනික ප‍්‍රහාරයක් සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමෙන් අනතුරුව ජී 07 නායකයින් මෙම තීරණයට එළඹ තිබෙනවා.

ඊට අමතරව ජී 07 සාමාජික රටවල ආර්ථික නැංවීම මෙන්ම සමාජ මාධ්‍යජාලා මුහුණ පා ඇති ගැටලූ නිරාකරණය කිරීම සඳහා එක්ව කටයුතු කිරීම සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡාවට ලක්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. 

----------------------------------------

ලෝක නායකයින් අතර අර්බුදයක්

08-06-2018 19:40

කැනඩාවේ කියුබෙක් නුවරදී ආරම්භ වූ ජී 07 සමුළුවට සහභාගී වී සිටින ලෝක නායකයින් අතර අර්බුදයක් හට ගෙන තිබෙනවා. අමරිකාව විසින් ඇලූමිනියම් සහ වානේ ආනයනය සඳහා යුරෝපා කලාපයට නව බදු පැනවීම ඊට හේතුවයි.

එහිදී අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් සහ කැනේඩියානු අග‍්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ මෙන්ම ප‍්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්රන් අතර උණුසුම් සංවාදයක්ද ගෙන තිබුණා. එසේම කාලගුණ විපර්යාස හා ඉරාන න්‍යෂ්ටික ගිවිසුම් සම්බන්ධයෙන් ද කැනේඩියානු සහ ප‍්‍රංශ නායකයින්, ජනාධිපති ට‍්‍රම්ප් වෙත චෝදනා එල්ල කර තිබෙනවා.

ලෝකයේ ප‍්‍රබල රටවල් වන අමෙරිකාව, බි‍්‍රතාන්‍ය, ජර්මනිය, ප‍්‍රංශය, කැනඩාව, ඉතාලිය සහ ජපානය එක්ව වාර්ෂිකව පවත්වන ජී 07 සමුළුව ලොව ප‍්‍රබල රාජ්‍ය තාන්ති‍්‍රක සමුළුවක්. එහිදී සිදු කෙරෙන්නේ ගෝලීය ආර්ථිකය හා දේශපාලනය ප‍්‍රදානව සෙසු කාලීන ගැටලූ සම්බන්ධයෙන් සාකච්ඡුා පැවැත්වීමයි.