Friday, May 10, 2024

General line - 0115112241

උතුරු කොරියානු නායකයාගේ හැඩරුවට සමාන පුද්ගලයෙක් සිංගප්පුරු ගුවන්තොටුපළේදී අත්අඩංගුවට (PHOTOS/VIDEOS)

දිනුක් හේවාවිතාරණ - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




උතුරු කොරියානු නායක කිම් ජොන් අන් ගේ හැඩරුවට සමාන කම් දක්වන පුද්ගලයෙක් සිංගප්පුරුවේ චැන්ගී ගුවන් තොටුපලේදී එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස සිංගප්පුරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ ඕස්ට්‍රේලියාවේ පුරවැසිභාවය හිමි "කිම් ජොන් උම් හෙවත් Howard X" යනුවෙන් හදුන්වන උතුරු කොරියානු නායකයාගේ හැඩරුවට සමානකම් දක්වන ලොව ප්‍රකට අභිරුපණ ශිල්පියායි.

සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් Howard X නම් මෙම අභිරුපණ ශිල්පියා කියා සිටින්නේ " සිංගප්පුරු අවන්හල් හා හෝටල් කිහිපයක වෙළද දැන්වීම් හා ප්‍රචාරණ වැඩසටහන් කිහිපයක් වෙනුවෙන් තමන් පැමිණි බවත් ඒ අනුව චැන්ගී ගුවන් තොටුපලේ දී පොලිසිය විසින් පුරා පැය 2ක් රඳවා ගෙන ප්‍රශ්න කල බවයි. එමෙන්ම තමන් සිංගප්පුරුවේ රැදී සිටින කාල සීමාව තුලදී කිසිදු අවස්ථාවක අමෙරිකානු ජනාධිපති හා උතුරු කොරියානු නායකයාගේ සමුළුව පැවැත්වෙන සෙන්තෝසා දුපත හා ෂැන්ගීරි-ලා හෝටලයට ඇතුලත් නොවන මෙන් සිංගප්පුරු පොලිසිය අවවාද කළ බවයි."

ජුනි 12 වනදා පැවැත් වීමට නියමිත අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොන් අන් ගේ සාම සමුළුව වෙනුවෙන් සිංගප්පුරුවේ හෝටල් සහ අවන්හල් විවිධ කෑම වර්ග පවා හදුන්වා දී තිබෙන බවයි විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ.

මේ අතර එම හෝටල් විසින් සිය ව්‍යාපාරික කටයුතු ප්‍රවර්ධනය කර ගැනීම සදහා ඩොනල්ඩ් ට්‍ර්ම්ප් ගේ හැඩරුවට සමාන කම් දක්වන තවත් අහිරුපණ ශිල්පියෙක් වන ඩෙනිස් ඇලන් සහ උතුරු කොරියානු නායකයාගේ හැඩරුවට සමානකමක් දක්වන "කිම් ජොන් උම් හෙවත් Howard X" යොදා ගෙන ඇති බවට විදෙස් මාධ්‍ය සදහන් කර සිටිනවා.

මෙම ශිල්පින් දෙදෙනා අද දිනයේදී සිංගප්පුරුවේ මෙර්ලියන් පාර්ක් හි සිය ප්‍රචාරන කටයුතු වල නිරතව සිටින අයුරු දක්නට ලැබූ බව එරට මාධ්‍ය වාර්තා කර සිටියා.