Thursday, May 2, 2024

General line - 0115112241

ඊශ‍්‍රායල් ප්‍රහාරයෙන් පලස්තීනුවන් 4ක් මරුට- 600කට තුවාල

පවිත්‍රා මදුහර්ෂණි - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




ඊශ‍්‍රායල ආරක්ෂ අංශ විසින් ගාසා තිරයට ඊයේ එල්ල කළ ප‍්‍රහාර හමුවේ පුද්ගලයින් 04 දෙනෙකු ජීවිතකෂයට පත්වුණා. තුවාල ලැබූ සංඛ්‍යාව 600 කට අධිකයි. තුවාල ලැබූවන්ගෙන් 94 දෙනෙකු වෙඩි ප‍්‍රහාරයන්ට ලක්වූවන් වන අතර ඉන් 14 දෙනෙක් කාන්තාවන් වනවා. එසේම තුවාල ලැබූවන් අතර කුඩා ළමුන් 06 දෙනෙකු වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. දේශ සිමාව ආසන්නයට පැමිණ විරෝධතාවයේ යෙදෙන පලස්තීනුවන් ඉලක්ක කර ඊශ‍්‍රායලය මෙලස ප‍්‍රහාර එල්ල කරමින් සිටින බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

පලස්තීනුවන් ඉලක්ක කර ඊශ‍්‍රායලය විසින් මේවනවිට වෙඩි ප‍්‍රහාර මෙන්ම කඳුළු ගෑස් ප‍්‍රහාරද එල්ල කරමින් සිටින බව විදෙස් වාර්තාවන්හි වැඩිදුරටත් සඳහන්. 

දේශ සීමාවට නොපැමිණෙන්නැයි ඊශ‍්‍රායලය විසින් පුර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති නමුත් ඒවා නොතකා පලස්තිනුවන් සිය ගණනක් දිනපතා දේශ සීමාව ආසන්නයේ ඊශ‍්‍රායලයට එරෙහිව විරෝධතාවයේ නිරත වනවා. කෙසේ වෙතත් ඊශ‍්‍රායලය පවසන්නේ හමාස් සංවිධානය විසින් සිය පටු අරමුණු මුදුන්පත් කර ගැනීම සඳහා පලස්තිනුවන් බිල්ලට ගෙන ඇති බවයි. ඒ අනුව එම උපායන්ට හසු නොවී දේශසීමා ආසන්නයට පැමිණිමෙන් වළකින ලෙයසි ඊශ‍්‍රායලය පලස්තින විරෝධතාකරුවන්ට පවසන්නේ.