දිවයින අභ්‍යන්තරයේ සහ දිවයින වටා වන මුහුදු ප‍්‍රදේශවල පවතින සුළං තත්ත්වය ඉදිරි දින කිහිපයේදීත් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයින හරහා විශේෂයෙන් බස්නාහිර, දකුණු, මධ්‍යම, උතුරු, උතුරු මැද සහ වයඹ පලාත් වලත් මොනරාගල දිස්ති‍්‍රක්කයේත් විටින් විට හමන පැයට කිලෝ මීටර් 60 දක්වා තද සුළං ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.
මේ අතර ඊයේ (08) අලූයම පැවැත් තද සුළං හේතුවෙන් දිවයිනේ ප‍්‍රදේශ කිහිපයක නිවාස වටල හානි සිදුවුණා. කුරුණෑගල මාස්පොත ප‍්‍රදේශයට බලපෑ තද සුළං හේතුවෙන් නිවාස රැසකට හානි සිදුව ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.
මොනරාගල,තැන්නෙකුඹුර ප‍්‍රදේශයේද නිවාස 05කට තද සුළං හේතුවෙන් හානි සිදුව තිබෙනවා.