Friday, May 17, 2024

General line - 0115112241

ආසියානු කණිෂ්ඨ මලල කී‍්‍රඩා තරගාවලියේදී ශී‍්‍ර ලංකාවට තවත් රන් පදක්කමක් (PHOTOS)

කසුන් කැළුම්




ජපානයේ පැවැත්වෙන ආසියානු කණිෂ්ඨ මලල කී‍්‍රඩා ශූරතා තරගාවලියේදී තවත් රන් පදක්කමක් දිනා ගැනීමට ශී‍්‍ර ලංකාව අද (09) සමත් වුණා. ඒ, මීටර් 3000 බාලිකා බාධක දිවීමේ ඉසව්වෙන්. 

කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ පාරමී වසන්ති මාරිස්ටෙලා එහි රන් පදක්කම ශී‍්‍ර ලංකාවට දිනා දුන්නා. ඇය දැක්වූ දක්‍ෂතාව විනාඩි 10:21:54 එකක්. 

මේ අතර අද පැවති මීටර් 800 බාලිකා ඉසව්වේ අවසන් තරගයට එක් වූ වලල ඒ රත්නායක විද්‍යාලයේ ඩිල්ෂි කුමාරසිංහ ලෝකඩ පදක්කම දිනාගත්තා. ඒ, විනාඩි 2:4:50 ක දක්‍ෂතාවක් වාර්තා කරමින්. ඇය ඊයේ (08) දිනයේදී මීටර් 4000 බාලිකා ඉසව්වේ රිදී පදක්කමද දිනාගත්තා.