1990 වර්ෂයේ අම්පාර, කංචිකුඩිආරු ප‍්‍රදේශයේදී එල් ටී ටී ඊ ත‍්‍රස්තවාදීන් විසින් ඝාතනය කළ පොලිස් නිලධාරින් 600 දෙනා සිහිවීම පිණිස හිටපු අමාත්‍ය මර්වින් සිල්වා විසින් ස්මාරකයක් සදහා අද (09) මුල්ගල් තැබුවා.
අද දහවල් පැවති එම අවස්ථාවට හිටපු අමාත්‍යවරයා සමග වීර දුටුගැමුණු සංවිධානයේ සාමාජිකයින්ද එක්ව සිටි බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. එම ඝාතනයට වසර 28 ක් සපිරෙන ලබන 11 වනදා මෙම ස්මාරකය විවෘත කිරීමට නියමිතව තිබෙනවා.