Friday, May 17, 2024

General line - 0115112241

ශ්‍රී ලාංකික ක්‍රීඩිකාවන් අන්දමන්ද කරමින් තායිලන්ත කණ්ඩායමට ඉතිහාසගත ජයක්

කසුන් කැළුම්




ශි‍්‍ර ලංකා කාන්තා කණ්ඩායම පරාජය කරමින් ඉතිහාසගත කි‍්‍රකට් ජයක් වාර්තා කිරීමට තායිලන්ත කාන්තා කණ්ඩායම අද (09) සමත් වුණා. ඒ, මැලේසියාවේ පැවැත්වෙන ආසියානු කුසලාන කාන්තා පන්දුවාර විස්ස කි‍්‍රකට් තරගාවලියේදීයි. 

මෙම තරගය තායිලන්ත කී‍්‍රඩිකාවන් ජය ගත්තේ කඩුළු 4 කින්. ශි‍්‍ර ලංකා කාන්තා කණ්ඩායමට එරෙහිව තායිලන්ත කාන්තා කණ්ඩායම වාර්තා කළ පළමු කි‍්‍රකට් ජයග‍්‍රහණයද මෙයයි. 

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශී‍්‍ර ලංකා කාන්තා කණ්ඩායම ලකුණු 104 කට සීමා කිරීමට තායිලන්ත කී‍්‍රඩිකාවන් සමත් වුණා. එම ඉලක්කය හඹා යමින් තායිලන්ත කී‍්‍රඩිකාවන් ජය වාර්තා කළේ අවසන් පන්දු වාරයේදීයි. බිද වැටුණු කඩුළු සංඛ්‍යාව 6 ක්. 

අවසන් පන්දුවාරයේදී තායිලන්ත කී‍්‍රඩිකාවන්ට ජයග‍්‍රහණය සදහා ලකුණු 6 ක් ලබාගත යුතුව තිබුණා. මෙම පරාජයත් සමග ශී‍්‍ර ලංකා කාන්තා කාණ්ඩායම අවසන් තරගය පිළිබද තැබූ බලාපොරොත්තුද බිද වැටුණා. 

ආසියානු කුසලාන කාන්තා පන්දුවාර විස්ස කි‍්‍රකට් තරගාවලියේ අවසන් මහා තරගය ඉන්දියාව සහ බංග්ලාදේශය අතර හෙට (10) පැවැත්වීමට නියමිතයි.