Monday, April 29, 2024

General line - 0115112241

සිංගප්පුරුවේදී උතුරු කොරියානු නායකයාට දැඩි ආරක්ෂාවක් : දුවන ආරක්ෂකයින් කණ්ඩායමත් ඒ අතර (VIDEO)

දිනුක් හේවාවිතාරණ - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




උතුරු කොරියානු නායක කිම් ජොංග් උන් ගේ ආරක්ෂකයින් පිළිබඳව ලෝකයේ අවධානය යොමු වුයේ මිට සති කිහිපයකට ඉහත දී කොරියානු දේශසිමාවේදී දකුණු කොරියානු නායකයා සමග පැවති සාකච්ජාවේදියි.

උතුරු කොරියානු නායකයා ගමන් ගන්නා ලිමොසින් රථයේ දෙපැත්තට වී රථය ගමන් කරනා වේගයට දුව යන්නාවූ මේ ආරක්ෂක භටයින් ගැන ලොව සියළු දෙනාගේ අවධානය යලිත් වරක් යොමුවීමට පටන් ගත්තේ ඊයේ (10) දිනයේදී.

ඒ උතුරු කොරියානු නායකයා සිංගප්පුරුවට පැමිණීමෙන් අනතුරුවයි. 

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමග පැවැත්වෙන සමුළුව සඳහා සහභාගී වීමට පැමිණි උතුරු කොරියානු නායකයා හට දැඩි ආරක්ෂාවක් සපයා තිබෙනවා. 

විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ සිංගප්පුරුවට පැමිණ සිටින උතුරු කොරියානු නායකයාගේ ආරක්ෂාව සඳහා ආරක්ෂක භටයින් රැගත් රථ 20 ක් උතුරු කොරියානු නායකයාගේ රථ පෙලට එක්ව තිබෙනවා.