Monday, May 6, 2024

General line - 0115112241

සාකච්ඡා ඇරඹීමට පෙර උතුරු කොරියාවෙනුත් ප්‍රකාශයක්

තරංග රුක්ෂාන් - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




අමෙරිකාව සමග නව සබඳතා ආරම්භ කිරීමට සූදානම් බව උතුරු කොරියාව අවධාරණය කර තිබෙනවා.

ඒ, දෙරටේ නායකයින් අතර තීරණාත්මක සාකච්ඡාවට දිනකට පෙරයි.

මෙම සාකච්ඡාව පිළිබඳ තමන් ඉතා හොඳ සිතුවිල්ලකින් පසුවන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් ද මේ අතරතුර පවසා තිබෙනවා. 

ලොවක් බලා සිටින අමෙරිකානු - උතුරු කොරියානු නායකයින් අතර හමුව සිංගප්පූරුවේ දී හෙට (12) සිදුවීමට නියමිතයි.

ඊට පෙර දෙරටේම නායකයින් සිංගප්පූරු අග‍්‍රාමාත්‍යවරයා සමග ද සාකච්ඡා කරනවා. සාකච්ඡාවට නියමිත වෙලාව පැමිණෙන තෙක් දෙරටේ නායකයින් සමීප සුපිරි හෝටල් දෙකක රැඳී සිටින බවද විදෙස් මාධ්‍ය වාර්තා කළා.