Friday, September 20, 2024

General line - 0115112241

වෛද්‍යවරු දෙන්නෙකුත් ඔලිම්පික් යයි




බ‍්‍රසීලයේ රියෝද ජනයිරෝ නුවරදී ලබන 05 වැනිදා ආරම්භ වන ඔලිම්පික් ක‍්‍රීඩා උළලේ වෛද්‍ය සේවා සඳහා ශ‍්‍රී ලාංකික වෛද්‍යවරුන් දෙදෙනෙකුද තෝරා ගෙන තිබෙනවා.

ඒ, ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ ක‍්‍රීඩා වෛද්‍ය ඒකකයේ ප‍්‍රධානී වෛද්‍ය හිමාන්ද සිල්වා සහ වෛද්‍ය සංඛ තෙඹුවනආරච්චියි.

අදාළ තෝරා ගැනීම ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව විසින් සිදු කර තිබෙනවා. ඔලිම්පික් ක‍්‍රීඩා උළලක වෛද්‍ය සේවා සඳහා ශ‍්‍රී ලාංකික වෛද්‍යවරුන් තෝරා ගැනුණු පළමු අවස්ථාවද මෙයයි.