Friday, September 20, 2024

General line - 0115112241

සුදුසුම අවස්ථාව මෙය බව අගමැති කියයි




ප‍්‍රධාන පක්ෂ දෙක එක්වී ජාතික ආණ්ඩුවක් පිහිටුවීම නිසා ලෝකයෙන් කොන්වී සිටි ශ‍්‍රී ලංකාවට ඉහළ පිළිගැනීමක් ලැබුණු බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පැවසුවා. නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීමට ද සුදුසුම අවස්ථාව මෙය වන බවයි අග‍්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේ.

මොරගහකන්ද ව්‍යාපාරයේ කළුගඟ වේල්ලේ නිධන් වස්තු තැන්පත් කිරීමේ අවස්ථාවට එක්වෙමින් අග‍්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියා.

ජාතික ආණ්ඩුව කඩා බිඳ දැමීමට ඇතැම් අය දරණ උත්සාහය ජනතාවට කරන ද්‍රෝහිකමක් බවද අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පැවසුවා. ජාතික ආණ්ඩුවක් සඳහා වසර 05 කට ජන වරමක් ලැබී ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

ඉදිරි කාලසීමාවේදී රට පුරා දැවැන්ත සංවර්ධන ව්‍යාපෘතීන් රැසක් කි‍්‍රයාත්මක කෙරෙන බවද අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පැවසුවා.