Sunday, May 5, 2024

General line - 0115112241

නියමුවන් නැති යානයක ප්‍රහාරයකින් පාකිස්ථානයේ තාලේබාන් නායකයා මරුට

චම්ලි ඒකනායක - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




පාකිස්ථාන තලේබාන් සංවිධානයේ ප්‍රධානී මුල්ලා ෆස්ලුල්ලා, නියමුවන් රහිත අමෙරිකානු ප්‍රහාරක යානා එල්ල කළ ප්‍රහාරයකින්, ඇෆ්ගනිස්ථානයේදී ඝාතනයට ලක්වූ බව විදෙස් මාධ්‍ය පවසනවා. 

ඇෆ්ගනිස්ථානයේ කුනාර් පළාතේදී මොහු ඝාතනයට ලක්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පවසන්නේ.

පසුගිය බදාදා කළ මෙහෙයුමකින් මොහු මරා දැමුණු බවයි ඇෆ්ගනිස්ථානයේ එක්සත් ජනපද ආරක්ෂක ප්‍රකාශක ලුතිනන් කර්නල් මාටින් ඕ ඩොනල් පවසා ඇත්තේ.