Sunday, May 5, 2024

General line - 0115112241

චීනයෙන් ආනයනය කරන භාණ්ඩවලට සියයට 25ක තීරු බද්දක්

පවිත්‍රා මදුහර්ෂණි - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




චීනයෙන් ආනයනය කරන භාණ්ඩවලට සියයට 25ක තීරු බද්දක් පැනවීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් තීරණය කර තිබෙනවා. අමෙරිකාව පවසන්නේ චීනය සිදු කරන බුද්ධිමය නීති උල්ලංඝණය කිරිමට ප‍්‍රතිචාර වශයෙන් මෙම තීරු බදු පැනවීම සිදු කරන බවයි.

විදෙස් වාර්තා පවසන පරිදි චීනයෙන් ආනයනය කරන අමෙරිකානු ඩොලර් බිලියන 50ක පමණ වටිනාකමකින් යුත් භාණ්ඩ සඳහා මෙම තීරු බදු පැනවීම වලංගු වනවා. එම බදු පැනවීම චීනයෙන් ආනයනය කරන භාණ්ඩ 800කට පමණ වලංගු වන අතර බදු පැනවීම කි‍්‍රයාත්මක වන්නේ ජූලි මස 06 වනදා සිටයි.