Sunday, May 5, 2024

General line - 0115112241

රජීව් ඝාතකයින් ජනපති සමාව ඉල්ලයි - ජනපතිගේ ප්‍රතිචාරය මෙන්න

පවිත්‍රා මදුහර්ෂණි - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




හිටපු ඉන්දීය අග‍්‍රාමාත්‍ය රජීව් ගාන්ධි වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වරදකරු වී සිටින සැකකරුවන් නිදහස් කරන ලෙස ඉල්ලා තමිල්නාඩු රජය  කළ ඉල්ලීමක් ඉන්දීය ජනාධිපති රාම් නාත් කෝවින්ද් විසින් ප‍්‍රතික්ෂේප කර ඇතැයි ‘‘ද හින්දු’’ පුවත්පත පවසනවා.

එම පුවත්පතට අනුව අදාළ ඉල්ලීම ප‍්‍රතික්ෂේප කරමින් ජනාධිපතිවරයා පවසා ඇත්තේ මධ්‍යම රජයට එවැනි තීරණයකට එළඹිය නොහැකි බවයි. මෙවැනි සංකීර්ණ සිද්ධීන් වලදී අමාත්‍ය මණ්ඩලයේ උපදෙස් ලබා ගැනීමට ජනාධිපතිවරයාට සිදුවන බවද ජනාධිපති රාම් නාද් කෝවින්ද් පවසා ඇතැයි ‘‘ද හින්දු’’ පුවත්පත පවසනවා.

එම පුවත්පත වැඩිදුරටත් වාර්තා කරන්නේ මානුෂීය කරුණු සලකා බලා හිටපු අග‍්‍රාමාත්‍යවරයාගේ ඝාතනයේ වරදකරුවන් හට සමාව දී නිදහස් කරන ලෙසට තමිල්නාඩු රජය ඉකුත් වසර 04 තුළදි  දෙවරක් රජයට ලිපි මගින් ඉල්ලීම් කර ඇති බවයි.