Wednesday, May 1, 2024

General line - 0115112241

ඉරාණය වසර විස්සකට පසු ලැබූ පාපන්දු ජය - ප‍්‍රබල ආර්ජන්ටිනාව අද තරග බිමේ (VIDEO)

කසුන් කැලුම්




වසර 20 කට පසු ලෝක කුසලාන පාපන්දු තරග ජයක් වාර්තා කිරීමට ඉරාණ කණ්ඩායම ඊයේ (15) සමත් වුණා. ඒ, මොරොක්කෝ කණ්ඩායමට එරෙහිවයි. මොරොක්කෝ කී‍්‍රඩක අසීස් බොහැඩෝස් අවසන් මොහොතේදී හිසෙන් එල්ල කළ පහරක් සිය කණ්ඩායමේ දැල වෙත පතිතවීම හේතුවෙන් ඉරාණය මෙම තරගය ගෝල එකට බින්දුවක් ලෙස ජය ගත්තා.

මේ අතර ඊජිප්තුව සමග ඊයේ පැවති තරගයෙන් ගෝල එකට බින්දුවක් ලෙස ජය හිමිකර ගත්තේ උරුගුවේ කණ්ඩායමයි.

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අද පැවැත්වෙන තරග සහ වේලාවන් පහතින් දැක්කේ

ප‍්‍රංශය සහ ඕස්ටේ‍්‍රලියාව -  ප.ව 3.30

ආර්ජන්ටිනාව සහ අයිස්ලන්තය - ප.ව 6.30

පේරු රාජ්‍ය සහ ඩෙන්මාර්කය - ප.ව 9.30

ක්‍රොඒෂියාව සහ නයිජීරියාව - හෙට (17) අළුයම 12.30 ට