Wednesday, May 1, 2024

General line - 0115112241

රුසියාවෙන් බැට කෑ සෞදියට වැඩ වැරදියි (PHOTOS)

දිනුක් හේවාවිතාරණ - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




ලෝක කුසලාන තරගාවලියේ සමාරම්භක තරගයේදී සත්කාරක රුසියානු කණ්ඩායමෙන් ගෝල 5-0 ක් ලෙස දරුණු පරාජයකට මුහුණ දුන් සෞදි අරාබි පාපන්දු කණ්ඩායමේ ක්‍රීඩකයින් තිදෙනෙකුට එරෙහිව දඬුවම් නියම කරන බව එරට පාපන්දු සම්මේලනයේ ප්‍රධානි අදීල් ඊසාට් පවසනවා.

ඉතා දුර්වල ක්‍රීඩා විලාෂයක් පෙන්නුම් කළ සෞදි ක්‍රීඩකයින් රුසියානු ක්‍රීඩකයින්ට එරෙහිව කිසිදු තරගයක් දීමට උත්සහ කරන අයුරු තමන් නොදුටු බවත් එම ක්‍රීඩා විලාශය හේතුවෙන් තමන්ද ලැජ්ජාවට පත්වූ බව සෞදි පාපන්දු සම්මේලනයේ ප්‍රධානියා එරට පුවත් පතකට ප්‍රකාශ කර තිබෙනවා.

සෞදි ක්‍රීඩකයින් ගේ දක්ෂතා වලින් 5% ක් පමණක් එදින තරගයෙන් ඔවුන් පෙන්නුම් කළ බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

මේ අතර ඕමාර හසාවී, දැල් රකින ක්‍රීඩක අබ්දුල්ලා අල්-මයුෆ් සහ අල් ෂලාවී යන ක්‍රීඩකයින් තිදෙනාට ඔවුන් ගේ දුර්වල ක්‍රීඩා විලාශය හේතුවෙන් දඬුවම් විදීමට සිදුවනු ඇති.

ඔවුන් ලෝක කුසලාන තරගාවලිය අවසන් වී යලි සිය රට පැමිණි විගස ඒ සමබන්ධයෙන් කටයුතු කරන බව පාපන්දු සම්මේලනයේ ප්‍රධානි අදිල් ඊසාට් ප්‍රකාශ කළා.