Friday, September 20, 2024

General line - 0115112241

සිහිනය සැබෑ වූ බව ජනපති කියයි




මොරගහකන්ද ව්‍යාපාරයේ කළුගඟ ප‍්‍රධාන වේල්ලේ නිදන් වස්තු තැන්පත් කිරීම ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද (25) සිදු කෙරුණා. ජනාධිපතිවරයා එහිදී කියා සිටියේ මෙම ව්‍යාපෘතිය වසර ගණනාවක් තිස්සේ තමන් දුටු සිහිනයක් බවයි.

එහෙත් ඉකුත් ආණ්ඩුව සමයේ එය සැබෑවක් කර ගැනීමට දිගින් දිගටම තමන්ට බාධා ඇතිවූ බවද ජනාධිපතිවරයා සිහිපත් කළා.

එහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා සඳහන් කළේ “මහින්ද රාජපක්ෂ මහත්තයා කිව්වා පටන් ගන්න වෙන්නෙ සල්ලි නැතුවයි කියලා. මම කිව්වා කමක් නෑ සර් සල්ලි නැතුව පටන් ගමු කියලා. ඒ අනුව තමයි 2007 ජනවාරි මාසයේ 25 වැනිදා මේකේ වැඩ පටන් ගත්තේ. ඊට දවස් දෙකකට පස්සෙ කොළඹදී මගෙන් මහවැලි විශය ඉවත් කරනවයි කිව්වා.” යනුවෙනි.

(එම හඬපටය පහතින් අහන්න)

තමන් ගොවීන්ගේ හෘද සාක්ෂිය හඳුනාගත් ජන නායකයෙකු බවද ජනාධිපතිිවරයා කියා සිටියා.

කළු ගඟ වේල්ලේ නිදන් වස්තු තැන්පත් කිරීමෙන් අද ආරම්භ කෙරුණු මොරගහකන්ද ව්‍යාපාරය ශ‍්‍රී ලංකාවේ විශාලතම බහුකාර්ය යෝජනා ක‍්‍රමය වනවා.

මේ යටතේ හෙක්ටයාර අසූ දෙදහසක් සඳහා යල මහ දෙකන්නයේම ජලය සැපයීමට අපේක්ෂිතයි. පවුල් එක්ලක්ෂ තිස්දහසකට ආර්ථික ප‍්‍රතිලාභ හිමිවනවා. මිරිදිය මත්ස්‍ය නිෂ්පාදන හැකියාව වාර්ෂිකව මෙටි‍්‍රක් ටොන් තුන්දහසක්. මෙගා වොට් විසි පහක විදුලි ධාරිතාවක් ජාතික පද්ධතියට එක් කිරීමටද හැකිවනු ඇතැයි විශ්වාස කෙරෙනවා.

අනුරාධපුරය, පොලොන්නරුව සහ ති‍්‍රකුණාමලය යන දිස්ත‍්‍රික්ක සඳහා පානීය ජලය සැපයීමටද මෙමගින් හැකි වනු ඇති. සංචාරකයන් සඳහා සිත්ගන්නා සුළු වටපිටාවක් ඇති කිරීමටද සැළසුම් කර තිබෙනවා. මනංපිටිය සහ සෝමාවතිය යන ප‍්‍රදේශවල ජල ගැලීම් අවම කිරීමටද හැකිවනු ඇතැයි අපේක්ෂිතයි.

DSC06757 DSC06769 DSC06793 DSC06795 DSC06798 DSC06800