Friday, September 20, 2024

General line - 0115112241

‘දෙමළ ෆිල්ම්වල කෑලි දාන්න එපා’




හොරු ඇල්ලීම දේශපාලඥයන්ගේ කාර්යයක් නොවන බව ගායන ශිල්පී මධුමාධව අරවින්ද පවසනවා.

ඔහු ඒ බව පැවසුවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බත්තරමුල්ල කාර්යාලයේ අද (25) කැඳවා තිබූ මාධ්‍ය හමුවකදීයි.

දමිළ චිත්‍රපටිවල දර්ශන දේශපාලනයේදී සිදු නොකළ යුතු බවත් ඔහු පැවසුවා.

රංගන ශිල්පී පාලිත සිල්වාද මෙම මාධ්‍ය හමුවට සහභාගී වී සිටියා. ඔහු කියා සිටියේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායකට ඉක්මනින් නිදහස ලැබේවායි ප‍්‍රාර්ථනා කරන බවයි. සමාජයේ සෑම පැතිකඩකින්ම කඩාවැටීමක් දැකිය හැකි බවයි ඔහු වැඩි දුරටත් සඳහන් කළේ.

ජනහිතවාදී කලාකරුවෝ නම් සංවිධානයක් විසින් මෙම මාධ්‍ය හමුව කැඳවා තිබුණා. ලබන 28 වැනිදා ආරම්භ වන ආණ්ඩු විරෝධී ජන සටන පාද යාත‍්‍රාවට කලාකරුවන්ද එක්වන බවයි එහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණේ.