Friday, December 27, 2024

General line - 0115112241

සා පෙළ සිසුන්ට කඩිනමින් කළ යුතු දෙයක් ගැන නිවේදනයක්




මෙවර සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාග අපේක්ෂකයින්ට ජාතික හැඳුනුුම්පත් ලබා ගැනිම සඳහා කඩිනමින් ඉල්ලූම් කරන ලෙස පුද්ගලයින් ලියාපදිංචි කිරිමේ දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා. නියමිත කාලය තුළ ඉල්ලූම්පත් යොමු කිරිමෙන් විභාග අපේක්ෂකයින්ගේ මෙන්ම දෙපාර්තමේන්තුවේ කටයුතු වඩාත් පහසුවන බවයි එහි කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක පවසන්නේ.

මෙවර සාමන්‍ය පෙළ හා උසස් පෙළ විභාග  සදහා පෙනී සිටින සිසුන්ගෙන් සියයට 40කට ආසන්න පිරිසක් මෙතෙක් අයදුම්පත‍්‍ර යොමුකර නොමැති බවද කොමසාරිස්වරයා කියා සිටියා.  මේ වනවිට යොමු කර ඇති පාසල් අයදුම්පත් අතරින් සැලකිය යුතු ප‍්‍රමාණයක් අඩුපාඩු සහිතව ඉදිරිපත් කර ඇති බවද සඳහන්. 

මෙවර විභාගයට පෙනී සිටින  සියලූ අපේක්ෂකයින්ගේ ඉල්ලූම්පත් කඩිනමින් දෙපාර්තමේන්තුව වෙත යොමු කිරිම සදහා සියලූ පරිවේනාධිපතිවරුන්,, විදුහල්පතිවරුන්, විභාග අපේක්ෂකයින්, සහ ඔවුන්ගේ දෙමාපියන්අවධානය යොමු කරන ලෙසයි පුද්ගලයින් ලියාපදිංචි කිරිමේ කොමසාරිස්වරයා වැඩිදුරටත් ඉල්ලා සිටියේ.