ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානවල ක‍්‍රියාකාරීත්වය අමෙරිකාව දැඩි ලෙස විවේචනය කර තිබෙනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අමෙරිකානු නියෝජිත නිලී හේලි පවසන්නේ මානව හිමිකම් සංවිධාන ඒක පාර්ශවීය ලෙස කටයුතු කරන බවයි. එම සංවිධාන අමෙරිකාවට විරුද්ධව කටයුතු කළ බවටද ඇය චෝදනා කරනවා.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ප‍්‍රතිසංවිධානයට බාධා කරන්නේ ද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන බවටයි නිකී හේලි පෙන්වා දී ඇත්තේ. ජාත්‍යන්තර මානව හිම්කම් සංවිධාන 162ක් වෙත විශේෂ ලිපියක් යොමු කරමින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අමෙරිකානු නියෝජිතවරිය මෙම චෝදනාව එල්ල කර තිබුණා.
අමෙරිකාව, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් ඊයේ ඉවත් වූයේද එම සංවිධානය පක්ෂග‍්‍රාහීව කටයුතු කරන බවට චෝදනා එල්ල කරමින්.