සිංප්පූරුව සමග අත්සන් තැබීමට නියමිත වෙළෙද ගිවිසුමෙන් මෙරට සේවා අංශයට සිදුවිය හැකි අහිතකර තත්වයන් පිළිබදව වෘත්තිකයින්ගේ ජාතික පෙරමුණ අද අස්ගිරි මහ නා හිමියන් දැනුවත් කළා. අනතුරුව එහි සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මාධ්‍ය වෙත කරුණු දක්වමින් කියා සිටියේ මෙම වෙළඳ ගිවිසුම සඳහා කැබිනට් මණ්ඩලයේ සම්පූර්ණ අනුමැතිය ලබා ගත්තාද යන සැකයක්ද පවතින බවයි.
මෙම වෙළඳ ගිවිසුම රටවල් දෙකක් මිස රජයන් දෙකක් අත්සන් නොකළ බව පෙන්වාදුන් ඔහු වැඩිදුරටත් කියා සිටියේ පාර්ලිමේන්තුවෙහි අනුමැතියකින් හෝ ජනමත විචාරනයකින් තොරව මෙලෙස ගිවිසුම් ගත වීම වැරදි බවයි. බැඳුම්කර වංචාවෙන් පසු මෑතකදි සිදුවුනු ලොකුම වංචාව මෙය බව පෙන්වා දෙමින් ඔහු ප්‍රකාශ කලේ ජාතික වෙළඳ ප්‍රතිපත්තිය යන වචනය වෙනුවට නව වෙළඳ ප්‍රතිපත්තිය යන වචනය යොදා මුලු පාර්ලිමේන්තුවම නොමග යවන බවයි.