වැලිඔය පොලිස් අත් අඩංගුවේ සිටි 15 හැවිරිදි බාල වයස්කාර පිරිමි දරුවෙකු පොලිස් ස්ථානය තුලදීම බරපතල ලෙස අපයෝජනය කිරීමේ සිද්ධිය සමිබන්ධයෙන් සැකපිට අත් අඩංගුවට ගෙන, මාස එකහමාරකට ආසන්න කාලයක් රිමාන්ඩ් බාරයට පත් කර සිටි සැකකාර පොලිස් කොස්තාපල්වරයා රුපියල් ලක්ෂ දහයක ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස නියෝග කර තිබෙනවා. කැබිතිගොල්ලෑව දිසා විනිසුරු සහ මහේස්ත්රාත් මාලින්ද හර්ෂ ද අල්විස් විසින් මෙම නියෝගය නිකුත් කර ඇති අතර ඇපකරුවන් සැකකරුගේ ලගම ඥාතීන් විය යුතු බවටද තවදුරටත් නියෝග කර තිබෙනවා.
ලබන සැප්තැම්බර් මස 5 වන දින යලි පදවිය සංචාරක මහේස්ත්රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසටද විනිසුරු අල්විස් මහතා සැකකරුට තවදුරටත් නියෝග කර ඇති අතර මෙම සිද්ධියට අදාල පැමිණිල්ල පදවිය සංචාරක මහේස්ත්රාත් අධිකරණය හමුවේ ඊයේ යලි කැඳවූ අවස්ථාවේ සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ජයලත් අබේසිංහ කල ඇප ඉල්ලීමක් සලකා බලමින් සැකකරුට අද (21) මෙලෙස ඇප නියම කර තිබෙනවා.
මෙලෙස ඇප මත මුදා හැරියේ වැලිඔය පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කල පොලිස් කොස්තාපල් (58918) අජිත් නැමැත්තෙකු බවයි වාර්තා වන්නේ.
15 හැවිරිදි බාල වයස්කාර පිරිමි දරුවා අපයෝජනයට ලක්ව වූ බව කියන දින රාත්රියේ මෙම සැකකාර පොලිස් කොස්තාපල්වරයා වැලිඔය පොලිස් ස්ථානයේ දුරකථන ක්රියාකරු ලෙස සේවය කර ඇති බව පදවිය සංචාරක මහේස්ත්රාත් අධිකරණයේදී අනාවරණ වී තිබෙනවා.
වැලිඔය පොලිසිය තුලදී අපයෝජනයට ලක්ව ඇති බව කියන 15 හැවිරිදි පිරිමි දරුවා පරිවාස බළධාරීන්ට සහ අනුරාධපුර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යංශයේ ස්ථානාධිපතිණියට සිද්ධිය පිලිබඳව මුල් ප්රකාශය ලබා දෙමින් පවසා ඇත්තේ තහඩු සොරකම් කිරීෙමි චෝදනාවකට තමන් වැලිඔය පොලිසිය මගින් පසුගිය මැයි මස 8 දා තමන් අත් අඩංගුවට ගත් බවයි.
එසේ අත් අඩංගුවට ගෙන පසුදා පදවිය මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කරන තුරු තමා වැලිඔය පොලිසිය තුල රදවා තබා ගත් බවත්, එදින රාත්රියේ වැලිඔය පොලිසිය තුල සිටියදි එහි රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරියෙකු විසින් තමන් බරපතල ලෙස අපයෝජනය කල බවත් දරුවා ප්රකාශ කර තිබෙනවා. එසේම තමන්ව අපයෝජනය කලේ වැලිඔය පොලිස් ස්ථානයේ එදින රාත්රියේ නිළ ඇදුමින් රාජකාරියේ යෙදී සිටි නිතර නිතර පොලිසියේ දුරකතනයට පිලිතුරු දෙමින් සිටි පොලිස් නිලධාරියා බවද දරුවා තහවුරු කර ඇති අතර අදාල සිදුවීම පිළිබඳ යමෙකුට ප්රකාශ කලහොත් වෙඩි තබා මරා දමන බවට තර්ජනය කර ඇති බවද දරුවා තවදුරටත් විමර්ශණ නිලධාරින්ට සහ පරිවාස නිලධාරීන්ට පවසා තිබෙනවා.