අරණායක අරම හීන්න ප්රදේශයේ දී වැසිකිළි වලකට වැටී පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එක් පුද්ගලයෙකු නිවස අසළ වැසිකළි වලකට වැටී ඇති අතර ඔහු බේරා ගැනීමට ගිය අසල නිවසක පුද්ගලයෙකු ද වැසිකිලි වලට වැටී මියගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ.
මිය ගිය පුද්ගලයින් දෙදෙනා 34 හැවිරිදි සහ 70 හැවිරිදි පුද්ගලයින් බව වාර්තා වන අතර ඔවුන්ගේ මෘත දේහ අරණායක රෝහලේ තැන්පත් කර තිබෙනවා.