කොළඹ සිට මහනුවර හරහා බදුල්ලට පුද්ගලික බස් රථයකින් හෙරොයින් ප්රවාහණය කළ පුද්ගලයෙකු බදුල්ල පොලිසියේ නිල සුනඛ වොන් ගේ සහායෙන් අද (21) දවල් අත්අඩංගුවටගත් බව බදුල්ල පොලිසිය පවසනවා.
බදුල්ල පොලිසියේ කණ්ඩායමක් බදුල්ල පුවක්ගොඩමුල්ලේදි බසරථයක් පරික්ෂා කරද්දි පොලිස් කොස්තාපල් 74404 මහවිදාන විසින් මෙහෙයවූ නිල සුනඛ “ වොන් “ දිවගොස් සැකකරුගේ ඇගේ දැවටී තිබෙනවා. ඒ අනුව එම සැකකරු පරික්ෂා කිරිමේදි ඔහුගේ කලිසම් සාක්කුවේ තිබී හෙරොයින් පැකට් 24 ක් සොයාගත් බවයි පොලිසිය සඳහන් කරන්නේ.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ බදුල්ල කැන්දගොල්ල පදිංචි 31 හැවිරිදි පුද්ගලයයෙකු වන අතර ඔහු කාලයක් තිස්සේ මෙසේ හෙරොයින් රැගෙන විත් අළෙවි කර ඇති බව විමර්ශන වලදී අනාවරණය කරගෙන ඇති අතර මේ පිළිබඳ බදුල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.