ගලබොඩ අත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරිම සහ සිවුර ගලවා ජම්පරයක් ඇන්දවීමට විරෝධය පාමින් කළු කොඩි අතතිව හැටන් නගරයේ අධිෂ්ඨානමය පාගමනක් අද (21) පස්වරුවේ හැටන් නගරයේදි පැවැත්වුනා.
හැටන් ප්‍රදේශයේ බෞද්ධයන් පිරිසක් විසින් සංවිධානය කල මෙම අධිෂ්ඨාන පාගමන හැටන් මල්ලිඅප්පුව සමන් දේවාලය අසලින් ආරම්භ කර එම අධිෂ්ඨානමය පාගමන හැටන් නිග්‍රෝධාරාම විහාරස්ථානය දක්වා ගමන් කල අතර මේ සඳහා හැටන් ප්‍රදේශයේ විශාල පිරිසක් සහභාගී වී තිබුණා.