Thursday, December 26, 2024

General line - 0115112241

ව්‍යාජ කච්චේරියක් පවත්වාගෙන ගිය පුද්ගලයෙකු අත්අඩංගුවට




මීගමුව, වැල්ලවීදිය ප්‍රදේශයේ පවත්වාගෙන ගිය නීතිවිරෝධී කච්චේරියක් පොලිසිය විසින් වටලා තිබෙනවා. එහි සිටි එක් සැකකරුවෙකුද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු යුරෝපා රටවලට පුද්ගලයන් යැවීම සදහා මෙම ස්ථානයෙන් ව්‍යාජ වීසා බලපත්‍ර සහ ලිපිලේඛණ සකස් කර ඇති බවයි විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.

මේ අතර එම ස්ථානයේ තිබී රබර් මුද්‍රා කිහිපයක් සහ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට අයත් ලියකියවිලි කිහිපයක්ද සොයාගෙන තිබෙනවා.