පර්පෙචුවල් ට්‍රෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් අැලෝසියස් සහ එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන අද යළි රකෂිත බන්ධනාගාර ගත කෙරුණා. කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න එහිදී නියෝග කළේ සැකකරුවන් ලබන මස 5 වන දින දක්වා රකෂිත බන්ධනාගාරගත කරන ලෙසයි.
පර්පෙචුවල් ට්‍රෂරිස් සමාගමේ සභාපති ජෙෆ්රි ඇලෝසියස් හටද එදිනට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස මෙහිදී නියෝග කර ඇති බවයි නෙත් නිවුස් අධිකරණ වාර්තාකරු ප්‍රකාශ කලේ.