Thursday, December 26, 2024

General line - 0115112241

තැපැල් සේවකයින්ට රතු එළියක්




සේවයට වාර්තා නොකර තවදුරටත් වැඩවර්ජනයේ නිරත වන තැපැල් සේවකයන්ගේ වැටුප් සීමා කිරීමට තැපැල් දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. ඒ අනුව එම සේවකයන්ට වැටුප් ගණනය කරන්නේ මෙම මස පළමු වනදා සිට 11 වනදා දක්වා පමණක් බවයි තැපැල්පති රෝහණ අබේරත්න කියාසිටියේ. ‍

කෙසේවෙතත් තැපැල් වෘත්තීය සමිති පවසන්නේ තමන් තවදුරටත් වැඩවර්ජනයේ නිරත වන බවයි. තම ඉල්ලීම් සම්බන්ධයෙන් අද පැවති සාකච්ඡාවක්ද අසාර්ථක වූ බව පෙන්වාදෙමින් ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැදවුම්කරු චින්තක බණ්ඩාර මෙලෙ කරුණු පැහැදිළි කළා.
 

-
මේ අතර උපාධිධාරීන් රැකියාගත කිරීමේ වැඩසටහන යටතේ බදවාගත් උපාධිධාරීන් ගුරු සේවයට අනියුක්ත කිරීම සදහා වන අයදුම්පත් භාරගැනීමේ අවසාන දිනය ලබන මස 16 වනදා දක්වා දීර්ඝ කර තිබෙනවා. තැපැල් සේවකයන්ගේ වැඩවර්ජනය හේතුවෙන් මෙම තීරණය ගනු ලැබූ බවයි අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවේ. එසේම මෙම වැඩවර්ජනය හේතුවෙන් කොළඹ මධ්‍යම තැපැල් කාර්යාලයේ මේ වනවිටත් ලිපි සහ පාර්සල් රැසක් ගොඩගැසී තිබෙනවා.