රුපියල් කෝටියකට ආසන්න වටිනාකමකින් යුතු අමෙරිකානු ඩොලර් තොගයක් නීතිවිරෝධී ලෙස චීනයට රැගෙන යෑමට තැත් කළ ඉන්දීය ජාතිකයෙකු අද (21) පස්වරුවේ කටුනායක ගුවන් තොටුපල රේගුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
54 හැවිරිදි මෙම පුද්ගලයා මීට දින දෙකකට පමණ පෙර ඕමානයේ සිට ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර මොහු විසින් රැගෙන ආ ගමන් මල්ලේ රුපියල් 96,60,000 ක් පමණ වටිනා ඇමෙරිකානු ඩොලර් තොගයක් සඟවාගෙන පැමිණ තිබෙනවා.
කටුනායක ගුවන් තොටුපොළ රේගු අධ්යක්ෂ ඕ.එම්.ජාබීර්ගේ උපදෙස් පරිදි රේගු අධිකාරී එස්.රවිකුමාරන් , නියෝජ්‍ය රේගු අධ්යක්ෂවරුන් වන ඕ.ජේ.ඔබේසේකර සහ විරාජ් විජේවර්ධන යන අය මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.