Thursday, December 26, 2024

General line - 0115112241

ජනපති හමුවෙන්න ගියේ ඇයි? කිලිනොච්චියේ "ජනහද දිනූ කර්නල්ගෙන්" හමුදාව නිදහසට කරුණු අසයි

හේමන්ත කහවලගේ




විධිමත් පටිපාටියෙන් බැහැරව අවසරයකින්  තොරව ජනාධිපතිවරයා හමුවීම සම්බන්ධයෙන් සිවිල් ආරක්‍ෂක බලකායේ කිලිනොච්චිය හිටපු අණදෙන නිලධාරී කර්නල් රත්නපි‍්‍රය බන්දුගෙන් යුද හමුදාව නිදහසට කරුණු විමසා තිබෙනවා. යුද හමුදාපතිවරයාගේ උපදෙස් අනුව ස්වේච්ඡා බල සේනාවේ ආඥාපති මේජර් ජෙනරාල් පියල් වික‍්‍රමරත්න විසින් මෙම කරුණු විමසීම සිදුකර ඇති බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ. 

කර්නල් රත්නපි‍්‍රය බන්දු ලබන මාසයේදී විශ‍්‍රාම යාමට නියමිතව තිබෙනවා. එහෙත් ඔහුට සේවා දිගුවක් ලබාදීමටයි යුද හමුදාපතිවරයාගේ අවධානය යොමුව ඇත්තේ.  එසේ තිිබියදී කර්නල් රත්නප‍්‍රිය බන්දු ඉකුත්දා ජනාධිපතිවරයා හමුවී තිබෙන්නේ. පොළොන්නරුවේ පැවති කි‍්‍රකට් තරගයක් අතරතුරදී එම හමුව සිදුව තිබෙනවා.