අපේක්ෂා කරන පරිදි අද ඇප ලැබුණහොත් මහනුවරට ගොස් මහ නාහිමිවරුන් බැහැ දැකීමට පුජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් තීරණය කර තිබෙනවා. සංඝාධිකරණයක් පිහිටුවිම සම්බන්ධයෙන් මහනාහිමිවරුන් සමග සාකච්ඡා කිරීම උන්වහන්සේගේ අපේක්ෂාවයි.
මෙම තීරණයට එළැඹීමට පෙර පුජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් බන්ධනාගාරය තුළ මත විමසීමක් ද සිදුකර ඇතැයි නෙත් නිවුස් වෙත වාර්තා වුණා. එහිදී උන්වහන්සේ විමසා ඇත්තේ ඇප ලැබුණහොත් තමන් වහන්සේ කළයුත්තේ මහනුවර ගොස් මහා නාහිමිවරුන් බැහැ දැකීමද නැතහොත් විහාරස්ථානයට ගොස් නිහඩව සිටීමද යන්නයි.