Friday, December 27, 2024

General line - 0115112241

16 කණ්ඩායමට උභතෝකෝටික ගැටළුවක්

හේරත් ඒකනායක/ දිල්ෂාන් තුෂාර




ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ දහසයේ කණ්ඩායම මේ වනවිට ගැටළුවකට මුහුණපා සිටින බව අමාත්‍ය සරත් අමුණුගම පවසනවා. මහනුවරදී මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව කියාසිටියා.

"ඒ කට්ටියට එකාබද්ධ විපක්ෂයට එක් වෙන්න ඕන නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරු අතෑරයල එන්න කියලයි කියන්නේ. ඒ නිසා මේ කට්ටිය උභතෝකෝටික ප්‍රශ්නයකට මුහුණ දෙන්න වෙලා තියෙනවා." යැයි අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසුවා.

රුපියලේ අගය දිගින් දිගටම අවප‍්‍රමාණයවීම සම්බන්ධයෙන්ද මාධ්‍යවේදීන් අමාත්‍යවරයාගෙන් මෙහිදී ප‍්‍රශ්න කළා. ඊට පිළිතුරු දුන් අමාත්‍යවරයා.

"රුපියල අවපාත වීම එක රටකට නවත්තන්න පුළුවන් දෙයක් නෙවෙයි. රුපියල විදෙස් සංචිත යොදාගෙන අභව්‍ය විදියට පාරලය කරමින් නෙවෙයි දැන් පවත්වාගෙන යන්නේ. රුපියල දැන් පාවෙන්න දීලයි තියෙන්නේ. මේකෙන් ආනයනයන් යම් විදියක සීමා වෙනවා. අපනයනය කිරීමට උනන්දුවක් ඇති වෙනවා.