හලාවත සවරාන විදුහලේ ශිෂ්‍ය නායකයා ලෙසට කටයුතු කළ 16 හැවිරිදි සිසුවෙක්, තවත් සිසුවෙක් ගේ පහර කෑමෙන් ඇතිවූ තුවාල හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව අද (23) මියගිය බව පොලිසිය ප්‍රකාශ කරනවා.
පසුගිය 10 වෙනිදා හලාවත, සවරාන මුස්ලිම් දේවස්ථානය අසලදී මියගිය සිසුවා සහ තවත් සිසුවෙක් අතර ඇතිවූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් ඇතිවූ ගැටුමක් නිසා බරපතල තුවාල ලැබූ 16 හැවිරිදි මොහොමඩ් සයිෆුල් නමැති සිසුවා හලාවත රෝහලට ඇතුලත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර තිබු අතර ප්‍රතිකාර ලබමින් සිටියදී අද ඔහු මියගොස් තිබෙනවා.
මෙම පහරදීම සිදුකල බව කියන එම විදුහලේම 15 හැවිරිදි සිසුවෙක් සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලද නියෝග මත ලබන 26 වෙනිදා දක්වා ළමා පරිවාස අධිකාරියේ බාරයට පත්කර තිබෙනවා.