Friday, December 27, 2024

General line - 0115112241

මාතරදී පොලීසියට වෙඩි තැබූ කොස්ගොඩ තාරක ඇතුලූ තිදෙනා රිමාන්ඞ්

හේරත් ඒකනායක/ කමල් සුරවීර




මාතරදී පොලීසිය සමග ඇතිවූ වෙඩි හුවමාරුවෙන් පසු අත්අඩංගුවට ගත් කොස්ගොඩ තාරක ඇතුලූ සැකකරුවෙන් තුන්දෙනා ලබන මස 02 වනදා දක්වා අද (23) රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. ඒ ගාල්ල ප‍්‍රධාන මහේස්ත‍්‍රාත්වරයාගේ නියෝගයකට අනුවයි. එදිනට සැකකරුවන් හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ද ඉදිරිපත් කරන ලෙස මෙහිදී නියෝග කෙරුණා. 

මේ අතර මාතර නගරයේ ඊයේ (22) සිදුවූ ස්වර්ණාභරණ අළෙවි සැලක් කොල්ලකෑමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි තලූක්කුවේ කංකානම්ලාගේ චාමර ඉන්ද්‍රජිත් නමැති සැකකරු අද උදැසන පොලිස් වෙඩි ප‍්‍රහාරයකින් මියගියා. ඒ, ඔහු විසින් සගවා තිබූ ඇදුම් බෑගයක් සොයා ගැනීම සදහා මාතර කිරලකැලේ ප‍්‍රදේශයට අද උදැසන රැගෙන ගිය අවස්ථාවේ එම බෑගයේ තිබූ අත්බෝම්බයකින් පොලීසියට ප‍්‍රහාරයක් එල්ල කිරීමට උත්සාහ දැරූ අවස්ථාවේදීයි.

මේ අතර රටේ වැඩිවෙමින් පවතින පාතාල කි‍්‍රයාකාරකම් සහ මංකොල්ල කෑම් පිළිබඳ පාර්ලිමේන්තු මන්තී‍්‍ර ප‍්‍රසන්න රණතුංග අද අදහස් පළ කළා. ඒ ගම්පහ ප‍්‍රදේශයේදීයි. 

එහිදී මන්ත්‍රීවරයා ප්‍රකාශ කරමින් කියා සිටියේ පාතාලය මෙහෙයවන්නේ ආණ්ඩුවේ ඇමතිවරුන් බවයි. පසුගිය ආණ්ඩුව සමයේදී සුදු වැන් ගැන කියමින් ඒ හරහා ආරක්ෂක කරන්න හැදුවේ පාතාල සාමාජිකයින් බවයි. ඒ කාලේ පිටරට පැන ගොස් සිටි එසේත් නැත්නම් බන්ධනාගාරවල සිටි පාතාල සාමාජිකයින්  අද එළියට ඇවිත් ආණ්ඩුවේ ඇමතිවරු සමග සම්බන්ධ වෙමින් කුඩු ව්‍යාපාරය ගෙන යන බවයි. අද වන විට පාතාල කණ්ඩයම් අතර ගැටුම් පමණක් නෙමෙයි ඔවුන්ට විරුද්ධව කතා කරන අය පවා ඝාතනය කරන මට්ටමට ඇවිල්ලා. ඊට අමතරව පන්සල් වල සිටින භික්ෂුන් වහන්සේලා පවා ඝාතනය කරන්න කටයුතු කරන බවයි.

අමාත්‍ය වජිර අබේවර්ධන ද මාතර සිදුවූ මංකොල්ලකෑම් සිද්ධිය පිළිබඳ අද මහනුරවදී අදහස් පළ කළේ මෙලෙසයි.