Friday, September 20, 2024

General line - 0115112241

කොළඹින් ගන්න එක හම්බන්තොටට ගෙවනවා




කොළඹ වරායේ ලාබයෙන් සැළකිය යුතු කොටසක් තවමත් හම්බන්තොට වරාය වෙනුවෙන් ලබා ගත් ණය ගෙවීම සඳහා යෙදවීමට සිදුව ඇතැයි අමාත්‍ය අර්ජුන රණතුංග පවසනවා.

කොළඹ අද (25) පැවැත්වූ මාධ්‍ය හමුවකදී හෙතෙම මෙම අදහස් පළ කළා.

සමස්ත ආදායමෙන් 48% ක් සේවක පඩි ගෙවීමට වෙන් කෙරෙන බවත් ඉතිරි 52% තුළින් සියලු සංවර්ධන කටයුතු සිදු කිරීමට සිදුව ඇති බවත් පැවසුවා. ඒ හේතුවෙන් වරායේ අනාගත සංවර්ධන කටයුතු සඳහා ආයෝජකයන් වෙත අවධානය යොමු කිරීමට සිදුව ඇති බවයි හෙතෙම වැඩි දුරටත් සඳහන් කළේ.