සිය ඉල්ලීම්වලට විසඳුම් ඉල්ලා තැපැල් සේවකයින් ආරම්භ කළ වර්ජනයට දින 13ක් ගතවී තිබෙනවා. කොළඹ කොටුව තැපැල් හුවමාරුව අසල තැපැල් සේවකයින් උපවාසයක නිරත වන අතර අද (23) එම ස්ථානයට ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ ඞී ලාල්කාන්ත ද පැමිණියා.
අනතුරුව ඔහු මාධ්‍ය වෙත අදහස් දැක්වුයේ මෙලෙසයි.
එහිදී ඔහු කියා සිටියේ මෙම ගැටලුව සම්බන්ධයෙන් දැන් වගකිවයුතු බලධාරියෙක් නැති බවයි. රට කඩා වැටී ඇති බවත් මෙම වර්ජනය සමග පිං පඩියටත් බලපෑම් එල්ලවී ඇති බවයි